
ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා කැනේරි දූපත් බලා ගියේය. කැනේරි දූපත් යනු ස්පාඤ්ඤයට අයත් දූපත් සමූහයකි. පිහිටා ඇත්තේ අප්‍රිකාවට වයඹ දෙසිනි.
අත්ලාන්තික් සාගරය හරහා යුරෝපයට යන අනවසර සංක්‍රමණිකයන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තැබීම සිදුවන්නේ මෙම දූපත්වලය. ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට ද පාප්තුමා අමතක කළේ නැත.
පාප්තුමා කැනේරි දූපත්වල සංචාරය ආරම්භ කළේ අර්ගුයින්ගුයින් වරායෙනි. ග්‍රෑන් කැනේරියා ක්‍රීඩාංගනයේ පාප්තුමා විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වීය.
පාප්තුමා කැනේරි දූපත් බලා ගියේ, ස්පාඤ්ඤයේ නිල සංචාරයකින් පසුවය. ඔහු ස්පාඤ්ඤය බලා පැමිණියේ ඉකුත් 6 වැනිදාය. පාප්තුමන් මෙම වසරේ සිදු කරන දෙවැනි විදෙස් සංචාරය ලෙස මෙයයි. පළමු විදෙස් සංචාරය ලෙස ඔහු අප්‍රිකා රටවල් කීපයක සංචාරය කළේය.

