පාඨකයන් 300 කට යවන්න තිබූ ඊ-මේල් පණිවුඩ මිලියන 8 කට යවලා
පුවත්පත් මිලදී ගැනීම සඳහා දායක වන මුදල් සම්බන්ධයෙන් වූ උපදෙස් පාඨකයන් 300 ක් වෙත යැවීමට සූදානම් කර තිබූ ඊ-මේල් පණිවුඩ තුන්සියයක් අත් වැරැුද්දකින්, පාඨකයන් මිලියන අටකට යැවීම නිසා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මහත් අපහසුතාවයට පත්ව සිටී.
මෙම සිද්ධිය ‘‘ට්විටර්” හා ‘‘ෆේස්බුක්” වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි බාර ආයතන හිමිකරුවන්ගේ අසහනයට තුඩුදී ඇත. ඊට හේතුව, මෙම අවුල සිදුකර ඇත්තේ පරිගණක ජාල අවුල් කරන්නන් හෙවත් හැකර්ස්” කල්ලියක් විසින් යැයි සැක මතුවී ඇති හෙයිනි.
මෙම සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ එම පුවත්පත් සමාගමේ ප‍්‍රකාශිකාවක කියා සිටියේ මෙය අත්වැරැද්දක් මිස, "හැකර්ස්" කල්ලිවලට හෝ ආරක්‍ෂක අංශවලට දොස් පැවැරීය නොහැකි බවයි.

