පාචනය-උණ ඉහවහා යයි: ඉන්දුනීසියාවේ රෝහල් පිරේ


අයහපත් කාලගුණය නිසා හටගත් ආපදා හේතුවෙන්, ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ සිදුවුණු මරණ සංඛ්‍යාව ඊයේ (7) වනවිට 940 දක්වා ඉහළ ගොස් ගොස් තිබුණි. 

අයහත් කාලගුණයෙන් පසු සුමාත්‍රා දූපතේ අචේ ප්‍රාන්තයේ රෝහල් ද රෝගීන්ගෙන් පිරී යමින් පවතින බවත් වාර්තා වේ. පාචනය, වයිරස උණ රෝගීන් ඒ අතරේ සිටින බව ද පැවැසෙයි.

මහ වැසි සහ නායයෑම් හේතුවෙන් ඉන්දුනීසියාවේ උන්හිටි තැන් අහිමි වූවන් ගණන 75,219 කි. පීඩාවට පත් වුණු පුද්ගලයන් ගණන 106,806 කි.