
නැගෙනහිර පාකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක සිදුවුණු පිපිරීමකින් එහි කම්කරුවන් 15 දෙනකු මියගොස් හත් දෙනෙක් තුවාල ලැබූහ.
පුපුරා ගියේ කම්හලේ බොයිලේරුවකි. කම්හල් ගොඩනැගිල්ල පමණක් නොව අයට නිවාස රැසක් ද පිපිරුමට හසුවීමෙන් විනාශ වූ බව පැවැසෙයි.
කම්හල නිසි ලෙස නඩත්තු නොකළ බැවින් පිපිරීම සිදුවූයේ යැයි ද පැවැසෙයි. කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පලාගිය කම්හල් හිමිකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි.

