ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා උල්ලංගනය කරමින්, පාකිස්තානයේ මිරන්ෂා නුවර තලේබාන් තිප්පොලක් ඉලක්ක කර ගනිමින් පෙරේදා (30) එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකට පාකිස්තාන සිවිල් වැසියෝ තිදෙනෙක්ද බිලිවූහ.
ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඇමෙරිකානු හමුදාව කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැති බව ද වාර්තා වේ.
දේශසීමා උල්ලංගනය කර තම රටට පැමිණ එල්ල කළ එම ප‍්‍රහාරය ගැන පාකිස්තාන වැසියන් ඇමෙරිකාවට දොස් පවරන බව ද පැවැසෙයි.

