
ටර්ක්මෙනිස්තානයේ පැවැති ජාත්‍යන්තර සමුළුවක් අතරතුර පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් අකරතැබ්බකට මුහුණ පෑවේය
ටර්ක්මෙනිස්තානයේ අෂ්ගබාත් අගනුවර පැවැති එම සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් සහභාගී වූ අතර පාකිස්තාන අගමැතිවරයා සහ රුසියා ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික හමුවක් ද සූදානම් කර තිබුණි.
එම ද්විපාර්ශ්වික හමුව පැවැත්වීමට නියමිතව තිබූ ශාලාවට පාකිස්තාන අගමැතිවරයා පැමිණ විනාඩි 40ක පමණ කාලයක් බලා සිටි නමුත් රුසියන් ජනාධිපතිවරයා පැමිණියේ නැත.
රුසියන් ජනාධිපති පුටින් එම අවස්ථාවේදී, අසල වෙනත් ශාලාවක තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවන් හමුවී ඔහු සමඟ සාකච්ඡා පවත්වමින් සිට ඇත.
ජනාධිපති පුටින්ගේ ප්‍රමාදයෙන් නොඉවසිල්ලට පත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා, අනාරාධිතව රුසියා සහ තුර්කි ජනාධිපතිවරුන්ගේ හමුව පැවැති ශාලාවට ඇතුළු වී තිබේ. මෙම දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.
විනාඩි 10 කට පසු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එතැනින් පිටව ගිය බව ද පැවැසෙයි. විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ, ඒ හොඳ සිතින් නොවන බවය.

