ප්‍රහාර ඉලක්කය වැරදී පොලිස් නිලධාරීහු අටක් මියයති


ඇෆ්ගනිස්ථානයේ හැමන්ඩ් පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් පොලිස් නිලධාරීන් අටදෙනකු මියගොස් ඇත.

ඇමරිකාව විසින් තලේබාන් ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර මෙය අත්වැරැද්දකින් සිදුවූ බව ඇමරිකානු හමුදා ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

මියගිය අය අතර ඡේෂ්ඨ නිලධාරීන් දෙදෙනකු ද සිටින අතර තලේබාන් කැරළිකරුවන් සමඟ ඇතිවූ ගැටුමකදී පොලිස් නිලධාරීන් 11දෙනකු තුවාල ලබා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණ - 085)