
ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නුට ද ඉල්ලා අස්වීමට සිදුවිය. ලෙකෝර්නු ඉල්ලා අස්වූයේ සිය කැබිනට් මණ්ඩලය එළිදක්වා පැය 24 ක් ගතවීමට පෙර වීම විශේෂත්වයකි.
ලෙකෝර්නු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවී, ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බවත්, ජනාධිපතිවරයා එය පිළිගත් බවත් ප්‍රංශ පුවත් සේවා පවසයි.
ජනාධිපති මැක්රොන්, ලෙකෝර්නු අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමුවේ, මීට පෙර එම ධුරය දැරූ ෆ්‍රැන්ෂුවා බයිරූගේ ඉල්ලා අස්වීමෙන් පසුවය. ලෙකෝර්නු දින 26 ක් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ අන්ත දක්ෂිණාංශික පක්ෂ සතුවය. ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ඔහුගේ පාලක පක්ෂය මධ්‍යස්ථමතධාරීය.
පසුගිය කාලය පුරාවට ධුරයෙන් ඉවත් වූ පස්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස සැලකෙන්නේ ලෙකෝර්නු ය. ලෙකෝර්නු හඳුන්වා දීමට උත්සාහ ගන්නා ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය.
විපක්ෂ දේශපාලන පක්ෂ තරයේ කියා සිටින්නේ, කඩිනමින් මැතිවරණයකට යා යුතු බවය. මැක්රොන්ට වහා ධුරයෙන් ඉවත් වෙන්නැයි ද බලපෑම් එල්ල වෙමින් තිබේ.
කෙසේ වෙතත්, ඔහු සෑම විටම පවසා ඇත්තේ 2027 දී සිය ධුර කාලය අවසන් වීමට පෙර ඉවත් නොවන බවය.

