
සුව කළ නොහැකි පෙනහලු රෝගයකින් පෙළෙන, නෝර්වේ රාජ්‍යයේ ඔටුන්න හිමි මෙට්-මාරිට් කුමරිය, පෙනහළු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනයට ඇතුළත් කර තිබේ.
52 වැනි වියේ පසුවන කුමරිය 2018 දී ශ්වසන අපහසුතා ඇති කරන දුර්ලභ පෙනහලු රෝගී තත්ත්වයකින් පෙළෙන බව තහවුරු වුණු අතර, පසුගිය කාලයේ ඇය වරින් වර නිල රාජකාරිවලින් බැහැරව සිටියාය.
ඔස්ලෝ විශ්වවිද්‍යාල රෝහලේ පෙනහලු විශේෂඥ වෛද්‍ය ආර් හෝම් පවසා ඇත්තේ පසුගිය මාස හය තුළ කුමරියගේ තත්ත්වය නරක අතට හැරී ඇති බවය. ඒ නිසා ඇය පෙනහලු බද්ධ කිරීමේ ලේඛනයට ඇතුළත් කළ බවත් වෛද්‍යවරයා පැහැදිලි කර ඇත.
රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එලැඹෙන අගෝස්තු මාසයට යෙදී ඇති මෙට්-මාරිට් කුමරියගේ රිදී ජුබිලි විවාහ සංවත්සරය කල් දමා ඇති බවත් එලැඹෙන ජුනි 13 වැනිදා ස්වීඩනයේ පැවැත්වෙන රන් ජුබිලි විවාහ සංවත්සරයට ද මෙට්-මාරිට් හෝ ඇගේ සැමියා ඔටුන්න හිමි හකොන් කුමරු ද සහභාගී නොවනු ඇත.
මේ වනවිට ජපාන සංචාරයක නියැලෙන හකොන් කුමරු එම සංචාරය අවසන් කොට ආපසු පැමිණ ඇත. මෙට්-මාරිට් කුමරියගේ සහ හකොන් කුමරුන්ගේ දියණිය ඉන්ග්‍රිඩ් ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, ඇය ද ආපසු නෝර්වේ බලා පැමිණ සිටින බව පැවැසෙයි.

