
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය තමන්ට හිමි නොවීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ කනස්සල්ල පළ කර ඇත.
මෙවර නෙබෙල් සාම ත්‍යාගය පිරිනැමුනේ වෙනිසියුලා විපක්ෂ නායිකාවක ලෙස කටයුතු කරන මරීයා කොරීනා මචාඩෝටය. “නොබෙල් සාම ත්‍යාගය හිමිවුණු මරීයා මට කතා කළා. වෙනිසියුලාවේ තත්වය දරුණුයි. ඇයට සාම ත්‍යාගය හිමිවීම ගැන සතුටක්. ට්‍රම්ප් ජනාධිපතිතුමනි, මා මේ තෑග්ග ලබා ගන්නේ ඔබ වෙනුවෙන් සහ වෙනිසියුලානු ජනතාව වෙනුවෙන් යැයි ඇය මට කීවා. නොබෙල් තෑග්ග බලෙන් ගන්න මට ඕනෑකමක් නැහැ. ඒත් මම ලෝක සාමය වෙනුවෙන් කැපවුණු කෙනෙක්” යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරි නැමීම නොකළාට ධවල මන්දිරය නොබෙල් කමිටුවට දැඩි ලෙස චෝදනා කර ඇතැයි ද වාර්තා වේ. ඒ, සාමයට වඩා දේශපාලනයට මුල් තැන දෙනවා යැයි චෝදනා නගමිනි.
මේ අතර, ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය නොලැබීමත්, ට්‍රම්ප් නොබෙල් ත්‍යාගයට සුදුසුදැයි යන්න සම්බන්ධයෙනුත්, මාධ්‍යවේදීන් පිරිසක් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් විමසීමක් කළේය. එහිදී පුටින්, ඇමෙරිකන් ජනාධිපතිවරයා ප්‍රසංශාවට ලක් කිරීමට පවා අමතක කළේ නැත.
“නොබෙල් ත්‍යාගයට ට්‍රම්ප් සුදුසු ද නැද්ද යන්න මට කියන්න බැහැ. නමුත් ලෝක සාමය වෙනුවෙන් ඔහු කැපවී කටයුතු කරන බව පේනවා. ගාසා යුද්ධය නැවැත්වීමට ඔහු පියවර ගත්තා. ගාසාවට සාමය උදසා කිරීමට ඔහු මහන්සි වෙනවා. ඒ වගේමයි රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමටත් ඔහු කැපවී සිටිනවා” යැයි රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

