
නේපාලයට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි හේතුවෙන් නේපාලයේ පළාත් රැසකින් ජල ගැලීම් මෙන්ම නායයෑම් ද වාර්තා වේ. නේපාල මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් 47 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ජල ගැලීම් සහ නායයෑම් බහුලව හටගෙන ඇත්තේ ඉන්දීය දේශසීමාවට යාබදව නේපාලයේ පළාත් ආශ්‍රිතව යැයි ද පැවැසෙයි. ජල ගැලීම් සහ නායයෑම්වලට අමතරව, අකුණු සැර වැදීමෙන් ද පුද්ගලයන් කීප දෙනකු මියගිය බව ද වාර්තා වේ.

