
ධවල මන්දිරයේ සිට නෙදන්යාහු කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීම සිදුවිය. එහිදී හමාස් නායකයන් ඉලක්ක කර ගනිමින් මීට දින කීපයකට පෙර ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් නෙදන්යාහු සමාව ඉල්ලීමක් කළේය. ඒ, ට්‍රම්ප් ඉදිරියේය.
අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ අණ පරිදි, ඊශ්‍රායල හමුදා දෝහා නුවර හමාස් නායකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන්, කටාර් හමුදා නිලධාරියකු ද ජීවිතක්ෂයට පත්විය. එය හිතාමතා කළ දෙයක් නොවේ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කාටාර් අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කළේය.

