
කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ ඇමෙරිකානු වීසා අවලංගු කිරීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඇමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගියදා නිව්යෝක් නුවර පලස්තීනයට සහාය දක්වමින් පැවැත්වූ රැලියකට හදිසියේ සහභාගී වෙමින්, ගුස්ටාවෝ පෙට්‍රෝ ඊට සහාය පළ කළ බැවිනි.
ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ, නිව්යෝක් බලා ගොස් සිටියේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමටය. ඔහු නිව්යෝක් නුවර එළිමහනේ පැවැත්වෙමින් තිබුණු රැලියක දැක එහි ගොස් පලස්තීනයට සහාය දක්වමින්, ඊශ්‍රායලයට විරෝධය පෑවේය.
මෙය කිසිසේත් අනුමත කළ නොහැකි බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. පලස්තීනුවන් වෙනුවෙන් පැවැති එම රැලියේ දී කොලොම්බියා ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ද විවේචනය කළ බව ද පැවැසෙයි.

