නිරුවත් මිනිසාට සමාජය එපා වෙයි


හුදෙකලාව සැපතක් කරගෙන වසර 20 ක් පුරා කදුකරයේ ගල් ගුහාවක ජීවත් වන පුද්ගලයෙක් චීනයේ සිටී.

ෆෙන්ග් මින්ග්ෂාන් 1993 වසරේ සිටම ජීවත් වන්නේ සමාජයෙන් ඈත්වය.මිනිසුන් අතරේ ජීවත්වීම තමන්ට මහත් කරදරයක් බව ඔහු කියයි.හැකිතරම් නිදහස්ව ජීවත් වීමේ අරමුණින් කටයුතු කරන ෆෙන්ග් බොහෝ අවස්ථාවන්හි ඇදුම් පවා නොඅදී.

ඔහු ජීවත් වන ගල්ගුහාවට පැමිණිය යුත්තේ කන්දක් නඟිමිනි.එය කළ හැක්කේත් ඔහුටම පමණි.තම ගල්ගුහාවට දොරක්ද ෆෙන්ග් සවිකරගෙන ඇත්තේ මෑතකදීය.ඔහු ඇඳුම් අදින්නේද නැත.

ෆෙන්ග් ජීවත්වූ චීනයේ ෂාන්ක්සි ප‍්‍රදේශයේ ගඕබා නගරයේ ඔහුගේ අසල්වාසීන් පවසන්නේ ෆෙන්ග් එදවස සිටම සමාජ ගතවීමට එතරම් කැමැත්තක් නොදැකවූ බවයි. ඔහුගේ සහෝදරයා වන ෆෙන්ග් ෂියුමින්ග් තම සොහොයුරා හදුන්වාදෙන්නේ විකාර රූපි අනන්‍යතාවක් ඇත්තෙකු ලෙසය.

බළධාරීන්ගේ අදහස නම් ෆෙන්ග් නැවත සමාජය වෙත ගෙන ඒමය.

 

 

 

 

 

 

 

 

 ‍