නියමුවාගේ දක්ෂතාවයෙන් යානය ආරක්ෂිතව ගොඩබස්වයි


මියන්මාර ජාතික ගුවන් සේවයට අයත් මගී යානාවක් මන්ඩලේ ගුවන් තොටුපලට ගොඩබැස්වීමට සූදානම් වූ අවස්ථාවේ  ඉදිරිපස රෝද ක්‍රියාත්මක නොවුණු නමුත් යානය ආරක්ෂිතව නවත්වාගැනීමට නියමුවා සමත් වී ඇතැයි වාර්තා වේ. 
 
 ගුවන් යානයේ ඉදිරි කොටස බිම වැදී නතර වී ඇති අතර යානයේ කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැත.එම අවස්ථායේ යානයේ මගීන් සියයකට වැඩි පිරිසක් සිටින්නට ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
 
 යොන්ගොන් ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී ඇති යානය ගොඩබැස්වීමේදී  ඉදිරිපස ජියරය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුරුදායක තත්ත්වය උදාවී ඇත.
 
එම අවස්ථාවේ ගුවන් නියමුවා දක්ෂ ලෙස යානය මෙහෙයවමින් අනතුර මගහරවාගත් බව මියන්මාර ගුවන් සේවා නිලධාරීහු පවසති.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)