ධවල මන්දිරයට අලූත් බලූ සාමාජිකයෙක් එක් වී සිටී. ඒ, සනී නමැති බලූ සුරතලාය. මේ වන තෙක් ම ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, බිරිය මිෂෙල් සහ දියණියන් දෙදෙනාගේ සුරතලා වූයේ බෝය.
බෝ, පෘතුගීස් වෝටර් ඩෝග් වර්ගයේ බලූ සුරතලෙකි. සනී ද එම වර්ගයේම බල්ලකු වන අතර ඌ ධවල මන්දිරයට ගෙනාවේ බෝගේ තනි නොතනියට යැයි ධවල මන්දිර ප‍්‍රකාශකයෝ පවසති. ඡායාරූපයේ දකුණුපස සිටින්නේ සනීය.


