
සම්මානනීය ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 89 කි.
ධර්මේන්ද්‍ර පසුගිය සති කීපයේ දැඩි ලෙස රෝගාතුරුව සිටි බව වාර්තා විය. මුම්බායි නුවර බ්‍රෙච් කැන්ඩි පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ධර්මේන්ද්‍ර පසුව රෝහලෙන් පිටව ගිය බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
මාසයක පමණ කාලයක් රෝහල්ගතව සිටිද්දී ධර්මේන්ද්‍ර දිවි සුරැකුම් යන්ත්‍රයකට ද සම්බන්ධ කර තැබුණි. ඔහු රෝහලෙන් පිටවී ගියේ පසුගිය නොවැම්බර් 12 වැනිදාය. නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද යෙදවිණි.
දශක හයකට වැඩි කාලයක් පුරා චිත්‍රපට 300 කට අධික සංඛ්‍යාවක රඟපෑ, ඉන්දීය සිනමාවේ වඩාත්ම ජනප්‍රිය සහ සාර්ථක නළුවකු ධර්මේන්ද්‍ර රසික රසිකාවියන්ගේ ආදරය දිනාගෙන ඇත.
බොලිවුඩයේ අකිශය ජනප්‍රිය නළුවන් වන බොබී ඩියොල් සහ සනී ඩියොල්ගේ පියා ධර්මේන්ද්‍රන්ය. ධර්මේන්ද්‍රන්, බොලිවුඩ්යේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනී හේමා මාලනීගේ සැමියාය.
ධර්මේන්ද්‍රගේ පළමු චිත්‍රපටය ‘දිල් භී තේරා හම් භී තේරේ’ ය. මෙය තිරගත වූයේ 1960 දීය. ධර්මේන්ද්‍රගේ අවසන් චිත්‍රපටය 2024 වසරේ තිරගත වූ තේරි බාතොන් මේන් අයිසා උල්ජා ජියා ය. මෙහි ප්‍රඡාන චරිත නිරූපණය කළේ ෂාහිඩ් කපූර් සහ ක්‍රිති සනොන් ය.
හින්දි චිත්‍රපට ඉතිහාසයේ වඩාත්ම සාර්ථක තරු අතරින් කෙනෙකු ලෙස නිතරම සමරනු ලබන ධර්මේන්ද්‍ර, ඉන්දීය සිනමාවට කළ සේවය වෙනුවෙන් 2012 වසරේදී පද්ම භූෂන් සම්මානයෙන් ද පිදුම් ලැබීය.

