
නවදිල්ලි අගනුවර කාර්බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අත්අඩංගුවට ගත් මෙම සැකකරු බෝම්බය පුපුරුවාගත් උමාර් මොහොමඩ් නමැති මුස්ලිම් වෛද්‍යවරයාගේ සහායකයා යැයි පැවැසෙයි.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ මැදිහත් වීමෙනි. බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු විමර්ශන සිදුවන්නේ ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය යටතේය. බෝම්බ ප්‍රහාරයට අදාළ සියලු පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ මෙම විමර්ශන ඒජන්සියයි.
පිපිරීමට යොදාගත් මෝටර් රථය මෙම සැකකරුගේ නමින් ලියාපදිංචි කර ඇතැයි පැවැසෙයි. මොහු ද බෝම්බකරු සහ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සේම, ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි.

