දකුණු කොරියාවට පළමු වරට අගමැතිවරියක්


දකුණු කොරියා ජනාධිපති ලී ජේ-මියුන්ග්, එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ සඳහා දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුවහොත්, හන් සොං-සුක් වසර 20කට පසු දකුණු කොරියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පළමු කාන්තාව බවට පත්වනු ඇත.

දකුණු කොරියානු දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවකට මෙවැනි ඉහළ තනතුරක් පිරිනැමීමට තීරණය කිරීම සුවිශේෂී සන්ධිස්ථානයක් ද වෙයි. ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා විසින් කරන ලද මෙම නම් කිරීම , ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුවේ නිල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසෙයි.