
දකුණු අප්‍රිකාවේ සේවය කරන ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්, දකුණු අප්‍රිකා රජයේ නිලධාරීන්ගෙන් කෙණෙහෙලිකම් ලක්වෙනවා යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චෝදනා නගයි.
මෙය ට්‍රම්ප් පරිපාලනය සහ දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසාගේ රජය අතරේ පවතින අර්බුදය තවත් උත්සනව්න කිරීමට හේතුවක් වනු ඇතැයි පැවැසෙයි.
ට්‍රම්ප් පරිපාලනය සහ දකුණු අප්‍රිකා රජය අතරේ අර්බුදයක් පවතින්නේ, දකුණු අප්‍රිකා රජය, එරට සුළුතරය ලෙස සැලකෙන සුදු ජාතිකයන්ගේ ඉඩම් කළු ජාතිකයන්ට බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ඉඩ දෙනවා යැයි පවතින චෝදනා නිසාය.
මෙම චෝදනා දකුණු අප්‍රිකා ජනාධිපති රමපෝසා සහ රජය තරයේ ප්‍රතික්ෂේප කරයි. එසේ වුවත්, දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන්ගේ ඉඩම් කළු ජාතිකයන්ට අත්පත් කර ගැනීමට පහසුවන අයුරින් නීති සම්පාදනය කර ඇතැයි ද පැවැසෙයි.
පසුගිය දා දකුණු අප්‍රිකාවේ සිටි කෙන්යානුවන් තිදෙනකු රටින් නෙරපා දැමීමට දකුණු අප්‍රිකා රජය පියවර ගත්තේය. මෙම කෙන්යානුවන් තිදෙනා, ඇමෙරිකන් තානාපති නිලධාරීන්ගේ සහාය ලබා ගනිමින්, දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ගේ කෙණෙහිලිකම්වලට ලක්වුණු සුදු ජාතිකයන් කීප දෙනකු ඇමෙරිකාවට යැවීමට සහාය දී ඇත.
කෙන්යානුවන් තිදෙනා පිටුවහල් කිරීමෙන් පසු, දකුණු අප්‍රිකා රජයේ නිලධාරීන්, ඇමෙරිකන් තානාපති නිලධාරීන්ට විවිධාකාරයේ කෙණෙහිලිකම් සිදු කරනවා යැයි රාජ්‍ය ලේකම් රූබියෝ පැහැදිලි කර ඇත. කෙසේ නමුත් දකුණු අප්‍රිකා රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමත්‍යාංශය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

