
අසර්බයිජානයේ සිට තුර්කිය බලා පියාසර කරමින් තිබූ, තුර්කි හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත් වී කඩා වැටුණි.
යානයේ 20 දෙනකු සිටි බවත්, ඔවුන් සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත්වුණු බවත් පැවැසෙයි. යානය කඩා වැටුණේ එය අසර්බයිජාන ජෝර්ජියා දේශසීමාවට ඉහළින් පියාසර කරද්දීය.
උඩු ගුවනේදී අනතුරට පත්වුණු යානය කැරැකි කැරැකී පහළට වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. යානය කඩා වැටුණේ ජෝර්ජියාවට අයත් ප්‍රදේශයනටය.
කඩා වැටුණේ තුර්කි ගුවන් හමුදාවට අයත් ‘සී 130’ වර්ගයේ ගුවන් යානයක් බව පැවැසෙයි. යානයේ සිටි 20 දෙනා අතරේ, තුර්කි හමුදා නිලධාරීන් පමණක් නොව, අසර්බයිජාන හමුදා නිලධාරීන් ද සිට ඇතැයි පැවැසෙයි.
අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇති බවත්, විමර්ශන කණ්ඩායම් කීපයක් ජෝර්ජියාවට ගොස් ඇති බවත් තුර්කි විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
සිද්ධිය සැලවුණු සැණින් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ජෝර්ජියා අග්‍රාමාත්‍ය ඉරාක්ලී කොබක්සීඩේ අතරේත් සාකච්ඡා පැවැත්විණි.
ගුවන් අනතුර සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, මියගිය සියලු දෙනා වෙනුවෙන් සොව පළ කිරීමට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එරදෝවාන් මෙන්ම අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියේව් ද කටයුතු කර ඇත.

