තායිවානයට භූමිකම්පාවක්


තායිවානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 7.0 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවක් හටගැනුණි.

තායිවානයේ ඉලාන් නගරයට කිලෝමීටර් 32 ක් දුරින් මුහුදේ භූමිකම්පාව හටගත් බව ද පැවැසෙයි.

තායිවානයේ තායිපේ අගනුවරත්, දකුණු දෙසින් පිහිටි කාඕසියුන්ග් නගරයත් භූමිකම්පාවෙන් දෙදරා ගියේ යැයි ද පැවැසෙයි.