තායිවාන ජනපතිවරණයෙන් වත්මන් ජනපතිට පහසු ජයක්


තායිවාන ජනාධිපතිවරණයෙන් දෙවැනි වරටත් ජයග‍්‍රහණය කිරීමට එරට ජනාධිපති මායිංග් ජෝ පෙරේදා (14 සමත් විය. එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ ජනාධිපති මායිංග් ජෝගේ ‘ජාතික පක්ෂය’ සියයට 51.6 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගත් බවය. ජනාධිපතිවරණයට තරග කළ මායිංග්ගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වූ විපක්ෂ නායිකා තෙයි ඉන්ග් වෙන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රගතිශීලි පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ සියයට 45.6 ක ඡුන්ද ප‍්‍රතිශතයක් පමණි. පරාජය බාරගත්  විපක්ෂ නායිකාව කියා සිටියේ තමා පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වන බවය. තායිවානය ස්වාධීන රාජ්‍යයක් වුවත් චීනය සලකන්නේ තායිවානය තම රටේ කොටසක් ලෙසය. මේ හේතුව නිසා තායිවාන/චීන අර්බුදයක් ද පවතී. පවතින එම අර්බුදයට මුහුණ දීමට තායිවාන ජනාධිපති මායිංග් ජෝට ශක්තියක් ඇතැයි  තායිවාන ජනතාවගේ විශ්වාසයයි. විපක්ෂ නායිකාව ජනාධිපති