තායිලන්ත කාම්බෝජ දේශසීමාවේ යළි ගැටුම්


තායිලන්ත කාම්බෝජ දේශසීමාවේ යළිත් වරක් ගැටුම් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පළමුවෙන් ප්‍රහාර එල්ල කළේ කාම්බෝජ සොල්දාදුවන් යැයි තායිලන්ත හමුදාව චෝදනා කරයි. කාම්බෝජ හමුදාව චෝදනා එල්ල කරන්නේ, පළමුවෙන් ප්‍රහාර එල්ල කළේ තායිලන්ත හමුදාව බවය.

විදෙස් පුවත් වාර්තා කළ අන්දමට, කාම්බෝජ හමුදා එල්ල කළ ප්‍රහාරයෙන් එක් තායිලන්ත සොල්දාදුවකු මියගිය බවය. 
මෙම නව ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වී ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් දෙරට අතරේ දේශසීමා ගැටුම් සම්බන්ධයෙන් සටන් විරාමයක් සහ සාම සැලැස්මක් ක්‍රියාත්මක වෙද්දීය.