ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි


ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැති ජන රැලියක් අමතමිනි.

ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇතිකර ගැනීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දු පාකිස්තාන ගැටුම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

ඩන්දියාවට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය තාවකාලිකව නැවැත්වීමට ඉන්දියාව තීරණය කර ඇති නමුත්, ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන කිසිවකුට කිසිදු සමාවක් ලබා නොදෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනරැලිය අමතමින් පැහැදිලි කළේය.

(ඒ.එෆ්.පී.)