තවත් සුළි කුණාටුවක් පිලිපීනය දෙසට එනවා


වයඹදිග පැසිපික් සාගර කලාපයේ වර්ධනය වූ තවත් ප්‍රචණ්ඩ සුළිකුණාටුවක් පිලිපීනය දෙසට පැමිණෙන බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති. මෙම සුළි කුණාටුව නම් කර ඇත්තේ ‘ෆෙංග් වොංග්’ යනුවෙනි. 

‘ෆෙංග් වොංග්’ සුළි කුණාටුව පිලිපීනය දෙසට ඇදී යන්නේ පැයට කිලෝ මීටර් 132 ක පමණ වේගයකිනි. කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ එම වේගය පැයට කිලෝ මීටර් 150 තෙක් වර්ධනය වනු ඇති බවය.

‘ෆෙංග් වොංග්’ සුළි කුණාටුව, පිලිපීනයට කඩා වදිනු ඇත්තේ, ‘කල්මෙගී’ සුළි කුණාටුව පිලිපීනය කැලඹා ඇති අවස්ථාවකය. ‘කල්මෙගී’ සුළි කුණාටුව පිලිපීනය කැලැඹුවේ 114 දෙනකු බිලිගනිමිනි. එම සුළි කුණාටුව මේ වනවිට වියට්නාමය දෙසට ගමන් කරන බව ද පැවැසෙයි.