තවත් රටවල් 6 කට සංචාරක තහංචි


තවත් රටවල් හයකට සංචාරක සීමා පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ඊයේ (16) තීරණය කළේය.  ඒ අනුව, අර්ධ වශයෙන් සහ පූර්ණ වශයෙන් මෙසේ සංචාරක සීමා පැනවූ රටවල් ගණන 39 තෙක් ඉහළ ගොස් ඇත.

මෙම රටවල වැසියන්ට ද සංචාරකයන් ලෙස හෝ සංක්‍රමණිකයන් ලෙස හෝ ඇමෙරිකාවට පැමිණිය නොහැකි බව පැවැසෙයි.

අලුතින් සීමා පනවා ඇත්තේ, සිරියාව, බුර්කිනා ෆාසෝ, මාලි, නයිජර් සහ දකුණු සුඩානය යන රටවලටත් පලස්තීන පාලන අධිකාරියටය.

මීට පෙර ට්‍රම්ප් පරිපාලනය, පසුගිය ජූනි මාසයේ දී රටවල් 12ක පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් සීමා පනවා තිබුණි. ඒ අර්ධ සහ පූර්ණ වශයෙනි.

එම අවස්ථාවේදී ට්‍රම්ප් කියා සිටියේ, විදෙස් ත්‍රස්තවාදීන්ගෙන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වීම සැලකිල්ලට ගනිමින් එම සංචාරක සීමා පනවන බවය.

ජූනි මාසයේ, තහංචි පැනවූ රටවල් ලැයිස්තුවට ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය අයත් වෙයි.

නව ලැයිස්තුවට අර්ධ සීමා පැනවූ රටවල් 15 ක් ඇතුළත් නක බව පැවැසෙයි. ඇන්ගෝලා, ඇන්ටිගුවා පසහ බර්බුඩා, බෙනින්, අයිවරි කොස්ට්, ඩොමිනිකා, ගැබොන්, ගැම්බියා, මලාවි, මුරුෂානියා, නයිජීරියා, සෙනෙගල්, ටැන්සානියා, ටොන්ගා, සැම්බියා සහ සිම්බාබ්වේ එම රටවල්ය.

ට්‍රම්ප් පරිපාලනය ලාඕසය සහ සියේරා ලියෝන් යන රාජ්‍යයන් සඳහා පනවා තිබුණේ අර්ධ සංචාරක සීමා වුවත්, එය සංශෝධය කර පූර්ණ තහනමක් බවට පත් කර ඇතැයි ද පැවැසෙයි.