තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා විරෝධතා දිගටම
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඉදිකෙරන කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට විරෝධය පළ කළ 500 දෙනෙක් පෙරේදා (24) පොලිස් අත්අඩංගුවට පත්වූහ.
‘මරුමලාරච්චි ද්‍රවිඩ මුනේත‍්‍ර කසාගම්’ හෙවත් එම්.ඞී.එම්.කේ නායක, කොටි හිතවාදී වයිකෝ ද ඒ, අතර සිටින බව ඉන්දීය පුවත්සේවා වාර්තා කරයි.
ඉන්දීය රජය, කුඩන්කුලම් න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ඉදිකරන්නේ රුසියාවේ සහාය ඇතිවය. ඒ නිවාස මිලියන 20 කට විදුලිය ලබා දීමේ අරමුණින් ඇතිවය.
බලාගාරයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට වහා පියවර ගන්නැයි තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ද ඉකුත් දා ප‍්‍රාන්ත බලධාරීන්ට දැනුම් දුන්නාය. බලාගාරය ඉදිකිරීමට එරෙහිව විරෝධතා ඇරැඹුණේ ඉන්පසුවය.

