ඩොන්බාස් පළාත දෙනවා නම් යුද්ධය අවසන් කරනවා


යුක්රේනයේ ඩොන්බාස් පළාත රුසියාවට දෙන්නේ නම්, යුක්රේනයට එරෙහිව අනුගමනය කර ඇති හමුදා ආක්‍රමණය වහා නවත්වන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවේ ඉන්දීය සංචාරය අතරතුරේය.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටින අතර, යුද්ධය නැවැත්වීමට ට්‍රම්ප් සාම සැලැස්මක් ද සකස් කර ඇත. 

කරුණු 28 කින් සමන්විත සාම සැලැස්ම ඇමෙරිකන් නියෝජිතයන් විසින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීටත්, පුටින්ටත් යොමු කර තිබේ. 

යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් සූදානම් බවත්, රුසියාවට අසාධාරණයක් වන ආකාරයේ කිසිදු යෝජනාවකට තමන් එකඟ නොවන බවත් රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත. ඉන්දීය සංචාරයේ දී රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතරේ ද සාකච්ඡා පැවැත්විණි. 

මේවනවිට යුක්රේනයේ ඩොන්බාස් පළාතෙන් සියයට 80 ක ප්‍රදේශයක් ඇත්තේ රුසියානු පාලනය යටතේය. ඩොන්බාස් පළාත රුසියාවට දීමට යුක්රේන ජනාධිපතිවරයා කැමැත්ත පළ කර නැත.