ඩකා ගුවන්තොටුපොළේ ගින්න නිවා දැමේ


බංග්ලාදේශයේ ඩකා අගනුවර හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන අංගනයේ හට ගත් ගින්න මේ වන විට පාලනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ගින්න හේතුවෙන් නවත්වා තිබුණු ගුවන් ගමන් ද මේ වනවිට ආරම්භ කර ඇතැයි පැවැසෙයි.

ගින්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බවත්, ගින්නෙන් සිදුවුණු හානිය මෙතෙක් තහවුරු වී නොමැති බවත් පැවැසෙයි.