
'ෆිෆා' හෙවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පිරිනැමූ පළමු සාම ත්‍යාගය හිමි කර ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය.
‘ලෝක සාමය වෙනුවෙන් කැප වී, ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග ඇගයීමට ලක් කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පළමු 'ෆිෆා' සාම ත්‍යාගය මෙසේ පිරිනමන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆන්ටිනෝ පැවැසීය.
සම්මාන ප්‍රධානය ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී ඊයේ (6) පැවැත්වුණු අතර, ඇමෙරිකන් ජනාධිපතිවරයාට එම සම්මාය ප්‍රදානය කළේ ද ඉන්ෆන්ටිනෝ ය. රනින් කළ සම්මානයට අමතරව, ජනාධිපති ට්‍රම්ප්ට සහතික පත්‍රයක් සහ පදක්කමක් ද හිමිවිය.
පළමු 'ෆිෆා' සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීම තමන්ට ගෞරවයක් යැයි ට්‍රම්ප් එම අවස්ථාවේදී ආඩම්බරයෙන් පැවැසීය. ලෝකයේ යුද ගැටුම් කීපයක් නැවැත්වීමට මැදිහත් වුණු බැවින්, තමන්ට මෙම 2025 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමි වේවි යැයි ට්‍රම්ප් බලාපොරොත්තුවෙන් සිටි නමුත් ඔය එසේ වූයේ නැත.
ලබන 2026 වසරේ දී ෆිෆා ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ, ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව සම සත්කාරකත්වය දරමිණි. ෆිෆා ලෝක කුසලානය 2026 ජූනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වීමට නියමිතය.
පාපන්දු තරගාවලියේ දී ඊට සහභාගී වන රටවල කණ්ඩායම් එකිනෙකා සමඟ තරග වැදීම සිදුවන්නේ කුසපත් ඇදීමේ ක්‍රමයකටය. වොෂින්ටන් අගනුවරදී මෙම කුසපත් ඇදීම ද සිදුවිය. ඒ, ට්‍රම්ප්ට සාම ත්‍යාගය පිරිනැමීමෙන් පසුවය. එම අවස්ථාවට, කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මෙන්ම මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂෙයින්බෝම් ද සහභාගී වූහ.

