ට්‍රම්ප්ගේ රත්තරන් වීසා කාඩ්පත එළිදකී


ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දුන් රත්තරන් වීසා කාඩ්පත එළිදැක්විණි. 

ට්‍රම්ප්ගේ යෝජනාවකට අනුව, මෙම රත්තරන් වීසා කාඩ්පත හඳුන්වාදීම සිදුවන්නේ, අවම වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියනයක් ලෙවීමට හැකි විදෙස් ධනවතුන්ට, කඩිනමින් ඇමෙරිකාවේ පදිංචිය ලබා ගැනීමට හැකිවන පරිදිය. මෙම වීසා කාඩ්පත් ක්‍රමය හරහා ඇමෙරිකාවට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබෙන බව ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

ට්‍රම්ප් පරිපාලනය, අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට සහ නීත්‍යානුකූල සංක්‍රමණ මාර්ග සීමා කිරීමට සැලකිය යුතු සම්පත් යොදවමින් සිටින අවස්ථාවක මෙම වැඩසටහන හඳුන්වා දීම කැපී පෙනෙයි.

වසර පහකට පසු පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලබන ග්‍රීන් කාඩ්පත්වලට සමාන බවට ජනපති ට්‍රම්ප් මුලින් සඳහන් කළ ද, මෙම රන් කාඩ්පත විශේෂයෙන්ම ඉහළ පෙළේ වෘත්තිකයන් ඉලක්ක කරන බව ඔහු අවධාරණය කර ඇත.