
ඇමෙරිකාන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට හමුදා නිලධාරීන්ට නත්තල් තෑග්ගක් ලෙස ඇමෙරිකන් ඩොලර් 1,776 ක මුදලක් ලබා දීමට තීරණය කර ඇත.
ට්‍රම්ප් මෙම මුදල නම් කර ඇත්තේ නත්තල වෙනුවෙන් රණ විරුවන්ට ලබා දෙන ලාභාංශයක් යනුවෙනි.
එම මුදල ලබා දීම සඳහා ඇමෙරිකන් රජය, ඇමෙරිකන් ඩොලර් බිලියන 2.57 ක් වෙන් කර තිබෙන බව ද පැවැසෙයි.
ජනාධිපති ට්‍රම්ප් මේ බව නිවේදනය කළේ, ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතමින් රූපවාහිනිය ඔස්සේ කළ විනාඩි 18 ක කතාව තුළ සිය ආර්ථික වාර්තාව ඉදිරිපත් කරමිනි.
ඇමෙරිකා එක්සත් ජනපදය 1776 වසරේ දී පිහිටුවීමට ගෞරවයක් ලෙස මෙම දීමනාව බෙදා දෙන බව ට්‍රම්ප් පැහැදිලි කර තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරයා, හමුදා නිලධාරීන්ට මෙම මුදල ලබා දීමට තීරණය කර ඇත්තේ, තීරුබදුවලින් ලැබෙන ලාභයෙනි.

