
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව මෙලානියා නිල සංචාරයක් සඳහා මහා බ්‍රිතාන්‍යය බලා පැමිණියහ. ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලය ආරම්භ කිරීමෙන් පසු මහා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට ආ දෙවැනි අවස්ථාව මෙයයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු, ට්‍රම්ප් සහ මෙලානියා වෙනුවෙන් වින්ඩ්සර් මාලිගයේ දී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද නියමිතව තිබුණි. එය තමන්ට මහත් ගෞරවයක් බව ට්‍රම්ප් අවධාරණය කර ඇත.
ට්‍රම්ප්ගේ එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය, ලන්ඩන් නුවර ස්ටෑන්ස්ටඩ් ගුවන්තොටුපොළට ගොඩබෑ අවස්ථාවේදී, ට්‍රම්ප් සහ මෙලානියා පිළිගැනීමට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් (ඇමති) වයේට් කූපර් පැමිණ සිටියේය.
ට්‍රම්ප් සහ මෙලානිය යුවළ නැවැතී සිටින්නේ වින්ෆීල්ඩ් නිවසේය. වින්ෆීල්ඩ් නිවස යනු රීජන්ට් පාක් පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයට අයත්, තානාපති කාර්යාල භූමියේ පිහිටි නිවසකි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්ම අතරේ ද සාකච්ඡා අංක 10 වඩුනින් වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට ද නියමිතය. මෙහිදී මහා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව අතරේ න්‍යෂ්ටික බලශක්ති ගිවිසුමකට අත්සන් කිරීමට ද නියමිතය.

