
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සකස් කළ කරුණු 28 කින් සමන්විත සාම යෝජනාවලිය සමහ්බන්ධයෙන් ට්‍රම්ප් නියෝජිතයන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම සාකච්ඡා සඳහා රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, හමුදා ප්‍රධානින් ඇතුළු බොහෝ දෙනකු සහභාගී වූ බව ද පැවැසෙයි. ට්‍රම්ප් වෙනුවෙන් ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන්නේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් ය.
පැය පහකට වැඩි කාලයක් තිස්සේ පැවැති සාකච්ඡාවලින් අනතුරුව, රුසියාව ප්‍රකාශ කළේ සාකච්ඡා ඵලදායී වූ නමුත් රුසියාව විසින් අත්පත් කරගෙන ඇති යුක්රේන භූමිය සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර ගැනීමට නොහැකි වුණු බවය.
යුක්රේනයේ ස්වෛරීත්වයට අනතුරක් සිදුනොවන්නේ නම්, යුක්රේනයේ ආරක්ෂාව සහතික කරන්නේ නම්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ රජය සකස් කරන ඕනෑම සාම යෝජනාවකට තමන් කැමැත්ත පළ කරන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.

