ජෙට් නිවහනක් ස්වීඩනයේ By None // 2012 දෙසැ 14 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සම්පූර්ණයෙන්ම ජෙට් යානයක ඉදිකර ඇති නේවාසිකාගාරයක් ස්වීඩනයේ ඇත. මේ ජෙට් යානයට පියාසර කිරීම නම් කළ නොහැකිය. අතහැර දමන ලද ජෙට් යානයක් ප්‍රතිසංස්කරණය කර මේ කටයුත්තට යොදා ගෙන තිබේ. ‘විසල් නේවාසිකාගාරය‘ ලෙස එය හැඳින්වෙයි. සැප පහසු කාමර 25 ඇති අතර ඒවා පහසු මිලට ගනුදෙනුකරුවන්ට ලබා ගත හැකි බව සදහන්වේ. අතමිට සරු ඇත්තන්ට සුඛෝපභෝගී කාමරද මෙහි වේ.වැසිකිළි,නාන කාමර හා විසල් ආපනශාලාවකින් මේ නේවාසිකාගාරය සමන්විතය. නේවාසිකාගාරය ඉදිකර ඇති බෝයිංග් 747 වර්ගයේ ජෙට් යානය ගාල් කර ඇත්තේ සවීඩනයේ සටොක්හෝම් නුවර අරිඅන්ඩා ගුවන්තොටේ ධාවන පථයක් මතය.නේවාසිකයන්ට ගුවන් තොටේ සජ්ීවී දර්ශන සියැසින් දැකගැනීමේ හැකියාවද ලැබේ.තවද පියාසර කරන ගුවන් යානයක නැගීමට අවශ්‍ය නම් ඒ සදහා මේ නේවාසිකාගාරයේ සිට ගුවන්තොට දක්වා නොමිලයේ ප්‍රවාහන පහසුකම්ද සැළසේ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත