
ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ සිදු වූ නායයෑමකින් දෙදෙනකු මියගොස් තවත් 21 දෙනකු අතුරුදන්ව තිබේ.
අතුරුදන්වූවන් සෙවීම සඳහා එරට ආපදා කළමණාකරණ අංශ විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දුනීසියාවට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ගම්මාන කිහිපයක නිවාස විශාල ප්‍රමාණයකට ද හානි සිදුව ඇති බව සඳහන් වෙයි.
ආපදාවට ලක්වූවන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද ආපදා කළමණාකරණ අංශ කටයුතු කර ඇත.

