ජර්මනියේ මෝටර් රථ හෝටලයක් By None // 2012 දෙසැ 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සම්පූර්ණයෙන්ම මෝටර් රථ තේමා කරගත් හෝටලයක් පිළිඹදව ජර්මනියෙන් වාර්තා වේ. වී 8 () හෝටලය නම් වන මේ හෝටලය පිහිටා ඇත්තේ ජර්මනියේ ස්ටග්ටාර්ට් නගරයේය. දෙවන ලෝක යුධ සමයේ ජර්මානුවන් භාවිතා කළ මගී පර්යන්ත ගොඩනැගිල්ලක කොටසක් හෝටලය ඉදිකිරීම සදහා යොදාගෙන තිබේ. පර්යන්ත ගොඩනැගිල්ලේ අනෙක් කොටසේ ඇත්තේ කෞතුගාගාරයක් වන අතර එයද මෝටර් රථ ලෝලීන්ටම ගැලපෙන්නකි. අතීතයේ මොරිස් මයිනර සිට වර්තමානයේ දියුණූ තාක්ෂණයෙන් යුත් මර්සිඩීස් බෙන්ස් වැනි මෝටර් රථ ආදර්ශ කර ගනිමින් මේ හෝටලයේ කාමර නිමවා ඇත. ඇතැම් කාමර වල ඇඳන් මත සැතැපී සිටිනා විට දැනෙනුයේ තමන් සැබෑ ලෙසටම මෝටර් රථයක සිටිනවා සේය. කාමර අලංකරනයට භාවිතා කර ඇත්තේද සැබෑ මෝටර් රථ අමතර කොටස් හා උපාංගයන්ය. හෝටලයේ බළධාරීන් පවසන්නේ හෝටලයට පැමිණෙන්නේ රථ ගාය ඇත්තන් පමණක්ම නොවන බවයි. කුඩා ළමුන්ගේ සිට විවිධ වයස් වල පුද්ගලයින් මේ නවමු අත්දැකීම විද ගැනීමට පැමිණෙන බව ඔවුන් කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත