ජපානයේ පළාත් කීපයක් භූමිකම්පාවලින් දෙදරා ගියේය. ප්‍රධාන භූමිකම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 6.5 ක් සටහන් කළේය. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.
එම ප්‍රබල භූමිකම්පාවෙන් පසු ජපන් කාලගුණ විද්‍යාඥයන් නිවේදනය කළේ හොංෂූ සහ හොකයිඩෝ පළාත්වලින් රික්ටර් පරිමාණයේ ඒකක 5.7 ක සහ 4.9 ක් සටහන් කළ භූමිකම්පා වාර්තා වුණු බවය.
පසුගිය දින කීපය පුරාවට ජපානයේ භූමිකම්පා හට ගැනුණි. ජපන් භූ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ, මේ අයුරින් දිගින් දිගටම භූමිකම්පා හට ගැනීම එක් ප්‍රබල බිහිසුණු භූමිකම්පාවක පෙරනිමිත්තක් විය හැකි බවය.

