ජපන් නව අගමැතිනියට මෝදි සුබ පතලා


ජපාන‍යේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස එම ධුරයේ දිවුරුම් දුන්, සානේයි ටකයිචීට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පතා ඇත. ඒ, සිය එක්ස් ගිණුම ඔස්සේ සුබ පැතුම් පණිඩුයක් නිකුත් කරමිණි.

ජපානයත්, ඉන්දියාවත් අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීමට හැකිවනු ඇති බවත්, ජපානය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන වන බවත්, අග්‍රාමාත්‍ය මෝදිගේ එම සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.