චෙක් රාජ්‍යයේ රෝහලක වෙඩිතැබීමකින් 6ක් මරුට


චෙක් රාජ්‍යයේ ඔස්ට්‍රාවා නගරයේ රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
 
රෝහලේ සායන කාමරයක වෛද්‍යවරයා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිසකට වෙඩි තැබූ තුවක්කුකරු පසුව ඔහුගේ හිසට ද වෙඩි තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
 
 තුවක්කුකරුගේ සිරුර රෝහල ආසන්නයේ නවතා තිබූ රථයක තිබී පොලිසිය විසින් පසුව සොයාගෙන තිබේ.
 
වෙඩිතැබීමේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි නැතැයි ද පොලිසිය පවසයි.
 
සතුන් දඩයම් කිරීම චෙක් රාජ්‍යයේ ජනප්‍රියව පැවතියද වෙඩිතැබීමෙන් සිදුකරන මනුෂ්‍ය ඝාතන ඉතා විරල බව මාධ්‍ය පෙන්වා දෙයි.
 
 (බීබිසී ඇසුරිණි - 085)