සීත සෘතුවේ ද්‍රැරිය නොහැකි තරම් සීතලක් හෝ අයිස් තත්ත්වය නිසා ලොව වටා ප‍්‍රදේශ ගණනාවක් අවුල් ජාලයක් වී ඇත. ඒ අනුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ටත් වඩා අඩු වූ ප‍්‍රදේශද වාර්තා වේ. චීනයේ බෙයිජින් ප‍්‍රාන්තයේ උතුරුදිග මියුන් ප‍්‍රදේශයේද උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුව වී ඇත.
එහි තිබෙන ලොකුම දිය ඇල්ල අයිස් කන්දක් වී ඇති ඡායාරූප පෙළක් ඉදිරිපත් කර තිබේ. කොපමණ සීතල ප‍්‍රදේශයක් වුනත් දැන් මේ ප‍්‍රදේශය අයිස් කදු නගින්නන්ගෙන් නම් අඩුවක් වී නැත. ඔවුන්ට සුභ ආරංචියක් වී ඇති සේම මෙයින් සංචාරකයින් පැමිණිමත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

