චීනයේ පුරාණ විහාරයක් ගින්නේන වැනසෙයි


චීනයේ වසර 1500 ක් පැරණි විහාරස්ථානයක කොටසක් ගිනිගෙන විනාශ වී තිබේ. විනාශවී ඇත්තේ ෂැංජියාගෑං හි ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික යොංකිං විහාරස්ථානයේ මණ්ඩපයකි.

මණ්ඩපයේ කොන්ක්‍රීට් රාමුව පමණක් ඉතිරිව සියල්ල විනාශ වී ඇත. මෙම සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර, චීන බලධාරීන් ගින්නට හේතුව විමර්ශනය කරමින් සිටී.

වසර 1500ක ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය 536 දී දකුණු ලියැං රාජවංශයේ ෆෙන්ගුවාං කන්දේ ඉදිකරන ලද්දක් යැයි පැවැසෙයි.