චීනයේ ජපන් සිසුන් ආරක්ෂා කරන්න


චීනය සමඟ පවතින මත ගැටුම් හේතුවෙන්, චීනයේ අධ්‍යාපනය ලබන තම සිසුන්ගේ ආරක්ෂාව කෙරෙහි විහේෂ උන්න්දුවක් යොමු කළ බව ජපානය පවසයි.

චීනයේ අධ්‍යාපනය ලබන තම සිසුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ද ජපානයේ අධ්‍යාපන අමාත්‍යාංශය, චීන රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ජපානයේ අධ්‍යාපන අමාත්‍ය යොහෙයි මැට්සුමෝටෝ පසුගිය වසරේ චීනයේ දී සිදුවූ ජපන් ශිෂ්‍යයකුගේ ඝාතනය ගැන සඳහන් කරමින් පෙන්වා දී ඇත්තේ, බලධාරීන් එම තත්ත්වය නැවත සිදුවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවය.

චීනයත් ජපානයත් අතරේ හටගත් මත ගැටුම් උත්සන්න වී ඇත්තේ ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ විකිරණශීලී ජලය පිළිබඳ කනස්සල්ල උපුටා දක්වමින් චීන රජය, ජපන් මුහුදු ආහාර ආනයනය අත්හිටුවන බව නිවේදනය කිරීමෙන් පසුවය.

වත්මන් තත්වයන් යටතේ ජපන් මුහුදු ආහාර සඳහා වෙළඳපොළක් නොමැති බව අවධාරණය කරමින්, චීනයේ විදේශ අමාත්‍යාංශය තවදුරටත් ප්‍රති-පියවර ගන්නා බවට අනතුරු අඟවා ඇත.

චීනය තායිවානයට පහර දුන්නොත් ජපානයට මිලිටරිමය වශයෙන් ප්‍රතිචාර දැක්විය පසුබට වෙන්නේ නැතැයි ජපාන අගමැතිනි සනායි තකයිචි කළ ප්‍රකාශය මුල්කොට ගනිමින්, චීනය සහ ජපානය අතරේ මෙසේ මත ගැටුම් නිර්මාණය විය.