
චීනයේ නිරිතදිග සිචුවාන් පළාතේ, අලුතින් ඉදි කළ පාලමක කොටසක් කඩා වැටුණි. පාලම කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේවනවිටත් විදෙස් මාධ්‍ය ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
මෙම පාලම ඉදිකර තිබුණේ චීනය සහ ටිබෙට් රාජ්‍යය යා කරමිණි. පාලම කඩා වැටීමෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බව ද පැවැසෙයි. ඊට හේතුව පාලම කඩා වැටෙන අවස්ථාවේ එය වසා දැමීමට බලධාරීන් කඩිනමින් පියවර ගෙන තිබුණු නිසාය. බලධාරීන් පාලම වසා දැමීම කළේ එහි ඉරිතැලීම් දැකීමෙනි.

