චාල්ස් කුමරුට ගොම ප‍්‍රහාරයක් එල්ල කරන්න හැදූ නවසීලන්ත ජාතිකයා අත්අඩංගුවට


නවසීලන්තයට පැමිණි බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිය කැමිලා පාකර් ආර්යාවට ගොමවලින් ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි තරුණයකු පෙරේදා (12) අත්අඩංගුවට ගැනීමට වෙලිංටන් නුවර පොලිස් නිලධාරීහු සමත් වූහ. සෑම් බැරැක්නෝව් නමැති එම නවසීලන්ත ජාතිකයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, රාජකීය යුවළට කිට්ටු වීමෙන් වැළැකී සිටින්නැයි යන කොන්දේසිය මත ඔහුට ඇප නියම කෙරුණි. සෑම් බැරැුක්නෝව් රාජාණ්ඩු විරෝධියකු යැයි පොලිසිය පවසයි. තමා අත්අඩංගුවට පත් නොවුණා නම්, නිසැකවම චාල්ස් කුමරුට ගොම දියකර ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලැසුම් කර සිටි බව අධිකරණයෙන් පිටව යද්දී සෑම් බැරැුක්නෝව් මාධ්‍යවේදීන්ට පවසා ඇත. මහ රැජිනගේ රාජප‍්‍රාප්තියේ 60 වැනි සංවත්සරය සැමැරීමට,  චාල්ස් කුමරු සහ පැමිලා ආර්යාව  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ සංචාරය කරති. චාල්ස් කුමරු නවසීලන්තයේ  ඕක්ලන්ඞ් නුවර වැසියන් හමුවෙමින්