ගෝලීය අර්බුදවලදී එකමුතු වී කටයුතු කරමු


ගෝලීය අර්බුදවලදී, එදිරිවාදිකම් පසෙකලා සහයෝගයෙන් කටයුතු කරමු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට යෝජනා කළේය. ඒ, චීන සංචාරය අතරතුරේදීය. 

ප්‍රංශ ජනාධිපති මැක්රොන්, මෙම චීන සංචාරයට එක් වී සිටින්නේ බිරිඳ බි්‍රජෙත් ද සමඟය. චීන ජනාධිපති ෂී ජින්පින් සහ බිරිඳ පෙංග් ලුවාන්, මැක්රොන් යුවළ ද කැටුව, එරට නිරිත දෙසින් පිහිටි සිචුවාන් පළාතේ ඩුජියැංග්යාන් හි ඇති පුරාණ රජ මාලිගය නැරැඹීමට ද ගියහ. මෙම පුරාණ මාලිගය යුනෙස්කෝ ලෝක උරුමයක් ද වෙයි. 

ගෝලීය අර්බුදවලදී එකමුතු වී සහයෝගයෙන් කටයුතු කරමු යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන්, චීන ජනාධිපති ජින්පින්ට යෝජනා කළේ එහිදී දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වෙද්දීය. ගෝලීය අර්බුදවලදී ලෝකය දෙකඩ බෙදෙන්නේ නැගෙනහිර සහ බටහිර කඳවුරු ආදී වශයෙනි. ප්‍රංශය බටහිර කඳවුරේ ප්‍රබල රාජ්‍යයක් වන අතර, චීනය නැගෙනහිර කඳවුරේ ප්‍රබල රාජ්‍යයකි.