ගිනි කන්දේ විස දුම ඉන්දියාවට


වසර 12,000 කට පසු ඉතියෝපියාවේ ‘හයිලි ගුබී’ ගිනි කන්ද පුපුරා යෑමට පටන්ගෙන ඇත. දූවිලි සහ අළු මුසුවුණු විෂ දුම් වලා පිට කරමින්, ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වූයේ පසුගිය සති අන්තයේය. 

ගිනි කන්දෙන් නිකුත් වුණු විෂ දුම් වලා මැදපෙරදිග රටවලටත් යුරෝපා රටවලටත් පැතිර යන්න වුණු අතර, මේ වනවිට දුම් වලා ඉන්දියාවට දක්වා ද ව්‍යාප්ත වී අවසන්ය. 

දුම් වලා හේතුවෙන් ඉන්දියාවේ ගුවන් ගමන්වලට බාධා එල්ල වුණු බවත් ඉන්දීය මාධ්‍ය ඊයේ (24) වාර්තා කළේය. දුම් වළා පැයට කිලෝ මීටර් 100 ත් 120 ත් අතර වේගයකින් හමා යමින් පවතින බවත් ඊයේ (24) වෙද්දී, විෂ දුම් වලා නවදිල්ලිය තෙක් පැතිර ගොස් තිබුණු බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පැහැදිලි පෙන්වා දුන්නේය.

නවදිල්ලියේ වායු දූෂණය පසුගිය මාස කීපය තිස්සේ පවතින්නේ අවදානම් තත්වයකය. ගිනි කඳු දුමාරය, හේතුවෙන් වායු දූෂණය තවත් උත්සන්න වී ඇතැයි පැවැසෙයි.

ගිනි කඳු දුමාරය ගුජරාට, රාජස්ථාන්, හර්යානා සහ බන්ජාබ් තෙක් ද පැතිර ගොස් ඇත. කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ සුළං හම දිශාව අනුව, මෙම විෂ දුම් වළාව ඉන්දියාව පසු කර චීනය දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. දුම් වලා හේතුවෙන් මැදපෙරදිග රටවල සහ යුරෝපා රටවල ගුවන් ගමන් කටයුතුවල ද බාධා එල්ල විය.