
දිගුකාලීන පදනමක් මත, ගාසා තීරය, කලාප දෙකකට බෙදීම සඳහා ඇමෙරිකාව විසින් සැලසුම් සකස් කරමින් සිටින බව, එරට හමුදා සැලසුම් ලේඛන සහ අදාළ මූලාශ්‍ර මඟින් අනාවරණය වී තිබේ.
මෙම නව සැලසුම යටතේ, ගාසා තීරය ඊශ්‍රායල සහ ජාත්‍යන්තර හමුදා පාලනය යටතේ පවතින ‘හරිත කලාපයක්’ සහ විනාශයට පත්කරනු ලබන ‘රතු කලාපයක්’ ලෙස බෙදීමට නියමිත යැයි ද පැවැසෙයි. ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලබන්නේ 'හරිත කලාපය' තුළ පමණි.
වර්තමාන ඊශ්‍රායල පාලනය යටතේ පවතින ‘කහ රේඛාව’ ඔස්සේ ගාසා තීරය බෙදී යනු ඇතැයි ද පැවැසෙයි. විදේශීය බලකා මුලින්ම ගාසා තීරයේ නැගෙනහිර ප්‍රදේශයේදී ඊශ්‍රායල සොල්දාදුවන් සමඟ යෙදවීමට නියමිතය.

