ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමියකු මෙන්ම අහිංසාවාදයේ පියා ලෙස ද සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 143 වැනි ජන්ම දින සැමැරුම ඉන්දියාවේ නවදිල්ලි නුවර ගාන්ධි ස්මාරකය අබියසදී ඊයේ (2) පැවැත්විණි.
ඉන්දීය අගමැති මන්මෝහන් සිං, කොංග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධි, විපක්ෂ දේපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂ නායක ලාල් කි‍්‍රෂ්ණා අද්වානී ඇතුළු ඉන්දීය රජයේ මැති ඇමැතිවරු රැසක් ඊට සහභාගී වී පුෂ්පෝපහාර දැක්වූහ.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී සැත්කමකට භාජන වී යළි ඉන්දියාවට පැමිණීමෙන් පසු කොංග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධි ප‍්‍රසිද්ධියේ පෙනී සිටි ප‍්‍රථම අවස්ථාව වූයේ ද මෙයයි.
(ඡායාරූපය: ඒ.එෆ්.පී.)